ක්‍රීඩා

මැක්ස්වෙල් ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවතට

(UTV | ඔස්ට්‍රේලියාව) – දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා නම් කළ ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ග්ලෙන් මැක්ස්වෙල් ඉවත් කර ඇත.

ඒ ඔහු ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ග්ලේන් මැක්ස්වෙල්ගේ වම් අතෙහි වැලිමිට ප්‍රෙද්ශය ආබාධයකට ලක්වීම හේතුවෙන්.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ස්කෑන් පරීක්ෂාවේදී එම ප්‍රදේශයේ අස්ථි ලිහිල් වීමක් සිදු වී ඇති බවයි.

ඒ අනුව ඔහුට සති 6ත් 8ත් අතර කාලයක් විවේක ගත යුතු බව වෛද්‍යවරුන් සඳහන් කර ඇත.

 

Related posts

ශකිබ් අල් හසන් බංග්ලාදේශයේ නායකත්වයට

Mohamed Dilsad

අර්ජුනගේ ක්‍රිකට් වාර්තාවක් දශක 2 කට පසු බිඳ වැටේ

Mohamed Dilsad

මෙවර සර්ෆින් ජාතික ශුරතාවලිය හෙට සහ අනිද්දා

Mohamed Dilsad

Leave a Comment