ක්‍රීඩා

ශකිබ් අල් හසන් බංග්ලාදේශයේ නායකත්වයට

(UTV| කොළඹ) – එළඹෙන නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමට ශකිබ් අල් හසන් නම් කෙරේ.

නමුත්, ඔහු පළමු තරඟ දෙක සඳහා සහභාගිවීම අවිනිශ්චිත බව බංග්ලාදේශ කළමනාකාරීත්වය පවසයි.

ශ්‍රී ලංකාව ද සහභාගි වූ තුන්කොන් එක්දින තරගාවලියට සහ විස්සයි විස්ස තරගාවලියට ද ඔහුට සහභාගිවීමට නොහැකි විය.

ඒ ඔහු අබාධයකට ලක්වීම හේතුවෙනි.

ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ පිළේ වැඩබලන පුහුණුකරු ලෙස කර්ට්නි වොල්ෂ් කටයුතු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගි වන නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු 06 වන දා සිට 18 වන දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිල්රුවන් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

Mohamed Dilsad

සෞරව් ගංගුලි පිළිබඳ සංගක්කාරගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment