ක්‍රීඩා

සෞරව් ගංගුලි පිළිබඳ සංගක්කාරගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) –  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට ඉන්දීය ක්‍රිකට් ප්‍රධානී සෞරව් ගංගුලි ඉහළම සුදුස්සෙක් බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සඳහන්කර සිටියි.

සංගක්කාර පෙන්වා දෙන්නේ ගංගුලි ඉතාම ක්‍රිකට් දැනුමකින් යුක්ත අයෙකු බවත් , ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම පරිපාලනය සම්බන්ධයෙන්ද ඉදිරියෙන් පසුවන බවයි.

ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ සේවයක් කිරීමට ගංගුලි සමත් වනු ඇතැයි ද කුමාර් සංගක්කාර විශ්වාසය පල කරයි.

තාමාද ගංගුලිගේ රසිකයෙකු බව සංගක්කාර පෙන්වා දෙයි.

එමෙන්ම මෙවර IPL තරඟමාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලබන සැප්තැම්බර් 19 වනදා ආරම්භ කිරීමට තිරණය කර ඇති අතර , නොවැම්බර් 8 වනදා අවසන් මහා තරඟය පැවැත්වීමට සැලසුම කර ඇත.

ඉන්දීය රජයේ නිල අනුමැතිය ලැබුණු වහාම ඉදිරි කටයුතු ප්‍රකාශයට පත් කරන බව IPL පාලක සභාවේ සභාපතිවරයා දැනුම් දෙයි.

Related posts

ක්‍රීඩා අැමතිට මිලියනයක අල්ලස් දීමට ගිය නිළධාරියෙක්ට වුණු දේ

Mohamed Dilsad

පකිස්තාන ක්‍රීඩකයින් ඇතුළු කාර්ය මණ්ඩලයට මුල්‍යාධාර

Mohamed Dilsad

ජේම්ස් ඇන්ඩර්සන් නව ලෝක වාර්තාවක් තබයි

Mohamed Dilsad

Leave a Comment