ක්‍රීඩා

පකිස්තාන ක්‍රීඩකයින් ඇතුළු කාර්ය මණ්ඩලයට මුල්‍යාධාර

(UTV | පකිස්තානය) – පළමු පෙළ ක්‍රීඩකයින්ට, විනිසුරුවරුන්ට හා සහායක කාර්ය මණ්ඩලයට මුල්‍යාධාර සැපයීමට පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියේ මෙම දුශ්කර අවස්ථාවේ ඔවුන්ට මුල්‍යමය රැකවරණය හා සහයෝගය අවශ්‍ය බවයි.

තවද ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ වැටුප් හෝ දීමනා කප්පාදු නොකරන බව පාකිස්ථ ක්‍රිකට් බලධාරීන් පසුගියදා නිවේදනය කළේය.

කෙසේවෙතත් කොරෝනා වෛරසය නිසා දුශ්කරතාවට පත් දුගී ජනතාවට සහන සැලසීමට එරට ක්‍රිකට් ක්‍රීඩකයින්ද ඉදිරිපත් විම අගය කරන බව එම පාලක මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පහතට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණූ 659 ක ඉලක්කයක්..

Mohamed Dilsad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment