ක්‍රීඩා

අර්ජුනගේ ක්‍රිකට් වාර්තාවක් දශක 2 කට පසු බිඳ වැටේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග විසින් පිහිටවනු ලැබූ වාර්තාවක් වසර 24 කට පසු ඊයේ බිඳ වැටුණි.   

ඒ, ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේදීයි.

එලෙස දිමුත් කරුණාරත්න විසින් බිද හෙලනු ලැබුවේ විදෙස් රටකදී ශ්‍රී ලංකා නායකයෙකු ටෙස්ට් තරගයක සිවුවන ඉනිමේදී රැසකල වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවයි. එහිදී දිමුත් කරුණාරත්න කොදෙව් දෙවන ඉනිමේදී ලකුණු 75 ක් රැස් කරනු ලැබීය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ අර්ජුන රණතුංගද අදාල වාර්තාව බිහි කර තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. ඒ, 1997 වසරේදීයි. ඔහු එහිදී කොදෙව් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 72 ක් රැස් කළේය.

Related posts

SLC විස්සයි 20 හෙට ඇරඹේ

Mohamed Dilsad

ජේම්ස් පැටිසන් තාවකාලිකව ඉවත් කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවක් පත් කරයි

Mohamed Dilsad

Leave a Comment