දේශීය

ඉන්දියානු සාගරයේ භූ චලනයක්

(UTV | කොළඹ) – උතුරු ඉන්දියානු සාගරයේ භූ චලනයක් සිදුව තිබේ.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් උතුරුදිග ඉන්දියානු සාගර කලාපයේ අද (12) අලුයම හට ගත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව පවසයි.

අලුයම 2.34ට රික්ටර් මාපකයේ 5.4ක අගයක් ගත් භූ කම්පනයක් උතුරුදිග ඉන්දියානු සාගර කලාපයේ ඇති වූ බව එහි මාධ්‍ය අංශයේ සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ කියා සිටියේය.

මෙම භූ කම්පන තත්ත්වය යම්තාක් දුරට කොළඹ , ගාල්ල සහ මාතර ප්‍රදේශවලට දැනී ඇති බව වාර්තා වන බව ද ඔහු සඳහන් කළේය.

මුහුදු බඩ ප‍්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ද ආරක්ෂා සහිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

Related posts

අවමංගල්‍ය පෙරහැර ට කඩාවැදුණු රථය

Mohamed Dilsad

රිෂාඩ් නිදහස් කරන්නැයි ඉල්ලමින් තෙවන දිනටත් විරෝධතා [VIDEO]

Mohamed Dilsad

අපි සූදානම් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

Mohamed Dilsad

Leave a Comment