දේශීයවිදෙස්

නව කොරෝනා වෛරසය “කොවිඩ් 19” ලෙස නම් කරයි

(UTV | චීනය) –  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාරාන්තික නව කොරෝනා වෛරසය “කොවිඩ් 19” ලෙස නම් කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කළේය.

එම සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් විසින් ජිනීවාහිදී මේ බව ප්‍රකාශ කර ඇති බව අදාළ වාර්තාවල සඳහන් වේ.

කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 1016 දෙනෙකු පමණ මියගොස් ඇති අතර වෛරසය ආසාදිතයින් 42,000 ක් ඉක්මවා ඇත.

හුබෙයි පළාතෙන් පමණක් ඊයේ (11) දිනයේ දී පුද්ගල මරණ 103 ක් වාර්තා වී තිබේ.

Related posts

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති මිය යයි

Editor O

අධිකරණයේ දුරකථනය නාදවීමකට අදාළව බන්ධනාගාර ගත කළ පුද්ගලයා මිය ගිහින් : මොට ආයුධයකින් හිසට පහරදීමෙන් මොළයට හානි සහ පපුවේ වම්පසට පහරදීමෙන් ඉළ ඇට බිඳිලා

Editor O

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment