ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා පැවති අසනීප තත්වය හේතුවෙන් නාරහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (12) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
ලෝක බැංකු සමූහයේ සාමාජික අන්තර්ජාතික මූල්‍ය සමූහයේ ප්‍රාග්ධන අලෙවිකරණ අංශයෙහි උපදේශකයෙකු සහ සණස සංවර්ධන බැංකුවෙහි අධ්‍යක්ෂකවරයකු ලෙස තම වෘත්තිය ජීවිතය ගත කළ ඔහු මාලිමා ආණ්ඩුව යටතේ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස වැටුප් නොලබා ස්වේච්ඡාවෙන් කටයුතු කළේය.
මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරන සමයේ මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ සිදුවන අකටයුතුකම් හා දූෂණ නැවැත්වීමට සුවිශේෂී කාර්යයක් සිදුකර අතර යල් පැන ගිය නීති රෙගුලාසි වෙනුවට නව නීති සකස් කිරීමටත් මෙම කර්මාන්තය නව්‍යකරණය කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීමටත් අප්‍රමාණ වෙහෙසක් ගත්තේය. විදේශිකයන් වෙනුවෙන් වැට් බදු ආපසු ගෙවීමේ කවුළුවක් ගුවන් තොටුපළෙහි ස්ථාපිත කිරීම වෙනුවෙන්ද එතුමා සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන ලදී.
නවීන් සූරියආරච්චි මහතාගේ අවසන් කටයුතු අද (13) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත අතර ඥාති හිතමිත්‍රාදීන්ට අවසන් ගෞරව දැක්වීමට හෙට උදෑසන 9.30 සිටි ජයරත්න මල් ශාලාවේ දේහය තැන්පත් කර ඇත.
