දේශීය

ඉන්දියානු සාගරයේ භූ චලනයක්

(UTV | කොළඹ) – උතුරු ඉන්දියානු සාගරයේ භූ චලනයක් සිදුව තිබේ.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් උතුරුදිග ඉන්දියානු සාගර කලාපයේ අද (12) අලුයම හට ගත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව පවසයි.

අලුයම 2.34ට රික්ටර් මාපකයේ 5.4ක අගයක් ගත් භූ කම්පනයක් උතුරුදිග ඉන්දියානු සාගර කලාපයේ ඇති වූ බව එහි මාධ්‍ය අංශයේ සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ කියා සිටියේය.

මෙම භූ කම්පන තත්ත්වය යම්තාක් දුරට කොළඹ , ගාල්ල සහ මාතර ප්‍රදේශවලට දැනී ඇති බව වාර්තා වන බව ද ඔහු සඳහන් කළේය.

මුහුදු බඩ ප‍්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ද ආරක්ෂා සහිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

Related posts

කුෂ් මත්ද්‍රව්‍ය සමග විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට අදාළ කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ද කළොත් උදය ගම්මන්පිළ සිරගත කිරීමේ උත්සාහයක්

Editor O

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බල රහිත කරන්නැයි ගොනු කළ පෙත්සම් සලකා බැලීමට අධිකරණය තීරණය කරයි.

Editor O

Leave a Comment