දේශීය

අවමංගල්‍ය පෙරහැර ට කඩාවැදුණු රථය

සුසාන භූමියක් වෙත රැගෙන යමින් තිබූ දේහයක් පිටුපස ගමන් කරමින් සිටි පිරිසක් අතරට ත්‍රීරෝද රථයක් කඩාවැදී තිබේ.

 

සිද්ධියෙන් කුඩා ළමුන් 03 දෙනෙකු ඇතුළු 07 දෙනෙකු තුවාල ලබා කළුතර සහ පානදුර රෝහල් වෙත ඇතුළත් කර ඇත.

 

තුවාලකරුවන් වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

 

වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම සඳහා එලෙස ගාලුපාර ඔස්සේ වාද්දුව දෙස සිට වස්කඩුව පොදු සුසාන භූමිය වෙත රැගෙන යමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇත.

 

එම අවස්ථාවේදී කළුතර දෙසින් පැමිණි ත්‍රීරෝද රථය, රියදුරට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී තිබේ.

Related posts

ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර නියාමනයක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැතිට සුවය පතමින් රනිල් වික්‍රමසිංහගෙන් ලිපියක්

Mohamed Dilsad

නව අමාත්‍ය මණ්ඩලය

Mohamed Dilsad

Leave a Comment