දේශීය

ලංකාවේ විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් පරීක්ෂාවට

(UTV | කොළඹ) –  ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹ නගරයේ සහ රටපුරා ස්ථාන රැසක මහා පරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ හා උපදෙස් ලබාදීමේ වැඩපිලිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

වෛද්‍යවරුන් , සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු කණ්ඩායම් එම ව්‍යාපෘති ස්ථානවලට ගොස් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කරන බව එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.

කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ සහිත චීන ජාතිකයන් හමුවුවහොත් ඔවුන් වෙන වෙනම නිරෝධානය කර කඩිනම් ප්‍රතිකාර සදහා යොමු කරන බවද ඇය අවධාරණය කරයි.

දිවයිනේ ප්‍රදේශ ගණනාවක චීන ජාතිකයන් විශාල පිරිසක් සේවය කරන අතර ඔවුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුව ඇති බවත් , එම චීන ජාතිකයන්ට රෝගයෙන් වැලකී සිටීම සදහා මනා සෞඛ්‍ය පුරුදු පිළිබද අවබෝධයක් ලබාදෙන බවද පබා පලිහවඩන මහත්මිය වැඩිදුරටත් සදහන් කළා.

Related posts

විදේශයන්හි සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

මරණ දඬුවම් නියම වූ ප්‍රේමලාල් ජයසේකරගෙන් අභියාචනයක්

Mohamed Dilsad

මැතිවරණයට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීම හෙට

Mohamed Dilsad

Leave a Comment