දේශීය

මැතිවරණයට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීම හෙට

(UTV | කොළඹ)  – මහ මැතිවරණ ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් හෙට (18) සලකා බැලීමට නියමිතව තිබේ.

එම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ හෙට සහ අනිද්දා (19) සලකා බැලීමට නියමිතයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන් සෙසු සාමාජිකයින් වේ.

රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලි චම්පික රණවක, කුමාරවෙල්ගම, නීතීඥ චරිත ගුණවර්ධන ඇතුළු පෙත්සම්කරුවන් පිරිසක් නීතිපතිවරයා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව රැසක් වගඋත්තරකරුවන් කරමින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් 11ක් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

Related posts

බොරතෙල් මිල වාර්තා ගත ලෙස ඉහළට

Mohamed Dilsad

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන දැනගන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

අප්‍රේල් මාසයේ සිට අන්ලිමිටඩ් ඩේටා පහසුකම් ලබා දීමට සැරසේ

Mohamed Dilsad

Leave a Comment