දේශීය

එක්නැලිගොඩ නඩුව කල් යයි

(UTV | කොළඹ) – කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කලේ යැයි චෝදනා එල්ල වී සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව මේ මස 13 වනදා යළි කැදවන ලෙස නියෝග කර තිබේ.

මෙම නඩුව අද (06) සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබුවේය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ලූතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු 09 දෙනෙකු නම් කර තිබිණි.

නීතිපතිවරයා විසින් 2010 වසරේ ජනවාරි මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සහ මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.

Related posts

ඇමෙරිකා ජනාධිපති පැනවූ බදු ගැන, රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

Editor O

ගිහාන් පිලපිටියගෙන් පෙත්සමක්

Mohamed Dilsad

රට ගොඩ ගන්නා ආකාරය පිළිබඳ ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment