Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකා ජනාධිපති පැනවූ බදු ගැන, රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරුබදු පැනවීම එකවර සිදුකරන ලද්දක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළම ඔහු ඒ බව සඳහන් කර තිබූ බවත්, අපනයනකරුවන්ට අමෙරිකානු වෙළඳපොළට ඇතුළත්වීම යම් බද්දක් අය කරන බවට ඔහු සඳහන් කර තිබූ බව රවී කරුණානායක මහතා පවසා සඳහන් කළේය.

නමුත් අමෙරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් කිසිවක් සිදුකර නොමැති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අනෙකුත් රටවල් මේ සඳහා පෙර සූදානමකින් සිට ඇති බවත්, ඉන්දියාව පසුගිය වසරේ සිට අමෙරිකාවෙන් LNG ආනයනය කිරීමට පටන්ගෙන තිබිම හේතුවෙන් ඉන්දියාවට පැනවූ තීරුබදු ප්‍රතිශතය අඩුවී ඇති බව මන්ත්‍රීවරයා කීවේය.

Related posts

මන්නාරම තැබෑරුම් බලපත්‍රය අත්හිටවූ සුරාබදු කොමසාරිස්ගේ නියෝගයට අධිකරණයෙන් වාරණයක්

Editor O

සයිනොපෙක් සමාගමේ, හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඇණහිටී

Editor O

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට ඉල්ලා රීට් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment