Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ඉරිදා දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

පාස්කු මංගල්‍යය නිමිත්තෙන් අප්‍රේල් 20 වෙනිදා, සියලු කිතුනු දෙව්මැඳුරුවලට පොලිස් රැකවරණ යොදවන බවත් දුක් ප්‍රාප්තිය සමරන මෙම චතාරික සමයේදීත් එම රැකවරණය ලබාදීම පිළිබඳව ක්‍රියාකරගෙන යන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

මේ හැර කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාට මෙන්ම කොළඹ අගරදගුරු මැඳුරට ද ආරක්ෂාව ලබාදෙනු ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී වසර හයක් ගතවෙන මොහොතේ එම ප්‍රහාරයෙන් ජීවතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ද එම දෙව් මැඳුරුවල විශේෂ යැදුම් සිදුකෙරේ.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි සිදු වූ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරට, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුරට මෙන්ම මඩකළපුවේ පිහිටි දෙව්මැඳුරට ද විශේෂ රැකවරණයක් යොදවනු ඇත.

(දිවයින)

Related posts

Deadly attack on Turkish troops in Syria

Mohamed Dilsad

ඊශ්‍රායලය ගත් තීරණය ගැන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කකණගාටුව පළ කරයි

Editor O

“Government will support cultivation of the cane industry,” Minister Rishad Bathiudeen assures

Mohamed Dilsad

Leave a Comment