කලා

ශාරුක් ඛාන් නිවේදකයෙක් වෙයි

(UTV | කොළඹ) –  ඉන්දියාවේ ප්‍රමුඛතම සිනමා සම්මාන උළෙලක් වන‘ෆිල්ම් ෆෙයාර්’සම්මාන උළෙල පෙබරවාරි 15 වැනිදා ඉන්දියාවේ ගුවාතිහි පිහිටි ඉන්දිරා ගාන්ධි මලල ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර සම්මාන උළෙලේ නිවේදන කටයුතු පැවරී ඇත්තේ බොලිවුඩයේ සුපිරි තරුව වන ෂාරුක් ඛාන් හටයි.

ෂාරුක් ඛාන් මෙවර කිසිදු සම්මානයකට නිර්දේශ නොවී තිබීම ද විශේෂත්වයකි.

සල්මාන් ඛාන් මෙන්ම අමීර් ඛාන් ද කිසිදු සම්මානයකට නිර්දේශ නොවී තිබීම මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ තවත් විශේෂත්වයකි.

මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇත්තේ 65 වැනි වතාවටයි.

Related posts

රෝහිත් ෂෙට්ටිගේ ‘සූර්යවංශි’ ළඟදීම තිරයට

Mohamed Dilsad

Dangal චිත්‍රපටයට චීනයේ ඉහළ ප්‍රතිචාර

Mohamed Dilsad

උමා කුරේෂි කොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක

Mohamed Dilsad

Leave a Comment