දේශීය

අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි

(UTV | කොළඹ) – අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අම්පාර මහාධිකරණ විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා පත්කර තිබේ.

මේ මස 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති කාර්යාලය මගින් මෙම පත්වීම සිදුකර ඇති බව එම කොමිසමේ ප්‍රකාශිකාවක සඳහන් කළේය.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වු තනතුර සඳහා මෙම පත්කිරීම සිදුකර තිබේ.

Related posts

ජනපති සහභාගී වන ගම සමග පිළිසඳර හෙට මාතර පිටබැද්දර දී

Mohamed Dilsad

PUCSL පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

Mohamed Dilsad

Leave a Comment