දේශීය

රිෆ්කාන් බදියුදීන් රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ රිෆ්කාන් බදියුදීන් ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක් වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කරගත් බව කියන සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය වසරේ ඔක්තෝම්බර් 25 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

Related posts

මාලිමාවට ඡන්දය දුන් ගොවීන්වත්, ආණ්ඩුවට වී දෙන්නේ නැහැ – එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා

Editor O

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ස්ථාවර මිලක්

Mohamed Dilsad

IDH රෝහලට ඇතුළත් කළ සිව්දෙනාට කොරෝනා වැළදී නැති බව තහවුරුයි

Mohamed Dilsad

Leave a Comment