Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මාලිමාවට ඡන්දය දුන් ගොවීන්වත්, ආණ්ඩුවට වී දෙන්නේ නැහැ – එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා

ගොවි ජනතාව මාලිමාවට ඡන්දේ දුන්න ද අඩු මිලට වී අලෙවි මණ්ඩලයට ලබා නොදෙන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා පවසයි.

“ඉදිරි සති දෙකේ දී නාඩු වී කිලෝවක මිල රු. 120න් පහළට ආවේ නැත්නම් ආණ්ඩුවේ පාලන මිල යටතේ නියම ප්‍රමිතියේ සහල් ලබා දෙන්න බෑ. ඒ වගේ ම සැප්තැම්බර් ඔක්තෝබර් වෙන කොට ආණ්ඩුවට ආයෙමත් හාල් ගේන්න වෙනවා.

ඉතිහාසේ ලොකුම ජනවරම ගත් ආණ්ඩුව හිතනවා, ගොවියෝ මාලිමාවට ඡන්දේ දුන්නා වගේ වී ටිකත් වී අලෙවි මණ්ඩලේට දෙයි කියලා. ගොවියෝ මාලිමාවට ඡන්දේ දුන්නාට අඩුවට වී ටික වී අලෙවි මණ්ඩලේට දෙන්න පිස්සුවක් නෑ.

නිෂ්පාදන වියදමට 30%ක් එකතු කරලා වී වලට මිල නියම කළ කතාව බොරුවක්. ආණ්ඩුව නියම කළ හාල් මිලට දෙන්න පුළුවන් උපරිම මිල ගණනය කරන්න කියලා තමයි, නිලධාරීන්ට කීවේ. වී වලට මේ මිල මදියි. මාස ගානක් දුක් විඳින ගොවියාට හාල් කිලෝ එකක් විකුණලා පොල් බෑයයි ගන්න පුළුවන්.

වී කිලෝවට රු. 130ක් ඉල්ලලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පොළොන්නරුවේ පෙළපාලි ගියේ 2023 අගෝස්තු 15 වෙනිදා. අපිත් ඒකේ නාමල් කරුණාරත්නලා එක්ක ළඟින් වැඩ කළා.”

Related posts

மண்சரிவு அபாயம் நாவலபிட்டி கதிரேசன் மத்திய கல்லூரி மாணவர்களுக்கு விடுமுறை தொண்டமான். மஹிந்தாந்த .வேலுகுமார் கல்லூரிக்கு உடனடி விஜயம்

Mohamed Dilsad

Frank Coraci To Helm “Sinbad” Reboot

Mohamed Dilsad

South Korea’s Park leaves presidential palace after impeachment

Mohamed Dilsad

Leave a Comment