දේශීය

සමන්තුරේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

(UTV | යාපනය) –  පොලීසිය සිදුකළ වැටලීමකදී සමන්තුරේ, සෙල්නල්ග‍්‍රාමය ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ජීව උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ අදාළ නිවසේ පදිංචිව සිටි පුද්ගලයෙකු ද සමන්තුරේ පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙහිදී ජීව උණ්ඩ 64 ක්, වෙඩි බෙහෙත් ග‍්‍රෑම් 600 ක්, ඊයම් බෝල හා කැබලි කිලෝ එකයි ග‍්‍රෑම් 40 ක් මෙන්ම ඩෙටනේටර් කොටස් එකක් අදාළ ස්ථානයේ තිබී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සමන්තුරේ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (23) ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

පොලිස්පතිට එරෙහි විශ්වාසභංගය ට සමගි ජන බලවේගයේ පූර්ණ සහය දෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

විෂ දුමක් ආඝ්‍රහණය වී සිසුන් 50 කට අධික පිරිසක් රෝහල් ගතකරයි

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කල පුද්ගලයින් 57 ක් පිලිබඳ විමර්ශනයට

Mohamed Dilsad

Leave a Comment