දේශීය

ලබන සඳුදා ප්‍රදේශ කීපයකට පැය 24 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) –  ලබන සඳුදා පෙරවරු 8.00 සිට පැය 24 ක කාලයක් වත්තල, කැළණිය හා බියගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල – මාබෝල, නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන අතර , කැළණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හැදල, ඇලකන්ද සහ පල්ලියවත්ත ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මගුරුවිල පාර, විජේරාම මාවත, කේ.ඊ. පෙරේරා මාවත, ගෝනවල, පමුණුවිල හා බතලහේන වත්ත ආදී ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

ආබාධ සහිත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙනවා – මැතිවරණ කොමිෂම

Editor O

රාජ්‍ය නොවන සංවිධානයක මුවාවෙන් තවත් මහා පරිමාණ මුදල් වංචාවක්

Mohamed Dilsad

සිනමා ශාලා වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment