දේශීය

ලබන සඳුදා ප්‍රදේශ කීපයකට පැය 24 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) –  ලබන සඳුදා පෙරවරු 8.00 සිට පැය 24 ක කාලයක් වත්තල, කැළණිය හා බියගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල – මාබෝල, නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන අතර , කැළණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හැදල, ඇලකන්ද සහ පල්ලියවත්ත ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මගුරුවිල පාර, විජේරාම මාවත, කේ.ඊ. පෙරේරා මාවත, ගෝනවල, පමුණුවිල හා බතලහේන වත්ත ආදී ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි

Mohamed Dilsad

ග්‍රීක බැඳුම්කර නඩුවෙන්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු සිව්දෙනා නිදොස් කොට නිදහස් කරයි…

Editor O

අවි නිෂ්පාදනාගාරයක් වටලයි[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment