විදෙස්

සරසවි සිසුන්ට පහර දීම ගැන ඉන්දියාව පුරා විරෝධතා

(UTV |ඉන්දියාව) – ඉන්දියාව පුරා සරසවි සිසුන් විරෝධතා ආරම්භ කර තිබේ.

ඒ දිල්ලි අගනුවර පිහිටා ඇති ජවහර්ලාල් නේරු සරසවියට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පිරිසක් කල පහරදීමට විරෝධය පල කරමිනි.

මේ වන විට චන්දිගාර්, බැංගලෝර්, මුම්බායි සහ හයිද්‍රාබාද් යන නගරවල මෙන්ම අගනුවර දිල්ලියේ ද විරෝධතා පැවැත්වේ.

මෙම පහර දීමෙන් ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ සිසුන් 40 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම පහරදෙන වීඩියෝ සමාජ මාධ්‍ ජාලය ඔස්සේ සහ රූපවාහිනියෙන් විකාශය වූ පසු ජනතාව අතර කෝපය ඇවිස්සුණි.

පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඔවුන් කියා සිටියේ පහර දුන් අය හඳුනාගෙන ඇති බවයි.

 

Related posts

ඇෆ්ගන් ට්‍රාන්පෝමර් කිහිපයකට තලෙයිබාන්ගෙන් ප්‍රහාරයක්

Mohamed Dilsad

බෙල්ජියම් ගුවන් තොටුපල පැය 24 කට වැසේ.

Mohamed Dilsad

සෙල්ෆි ගනිද්දී නගරාධිපතිගේ හිසට වෙඩිතබා ඝාතනය කරයි

Mohamed Dilsad

Leave a Comment