විදෙස්

සරසවි සිසුන්ට පහර දීම ගැන ඉන්දියාව පුරා විරෝධතා

(UTV |ඉන්දියාව) – ඉන්දියාව පුරා සරසවි සිසුන් විරෝධතා ආරම්භ කර තිබේ.

ඒ දිල්ලි අගනුවර පිහිටා ඇති ජවහර්ලාල් නේරු සරසවියට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පිරිසක් කල පහරදීමට විරෝධය පල කරමිනි.

මේ වන විට චන්දිගාර්, බැංගලෝර්, මුම්බායි සහ හයිද්‍රාබාද් යන නගරවල මෙන්ම අගනුවර දිල්ලියේ ද විරෝධතා පැවැත්වේ.

මෙම පහර දීමෙන් ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ සිසුන් 40 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම පහරදෙන වීඩියෝ සමාජ මාධ්‍ ජාලය ඔස්සේ සහ රූපවාහිනියෙන් විකාශය වූ පසු ජනතාව අතර කෝපය ඇවිස්සුණි.

පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඔවුන් කියා සිටියේ පහර දුන් අය හඳුනාගෙන ඇති බවයි.

 

Related posts

යේමනයේ ඒඩ්න් නගරයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලි හවුති කැරළිකරුවන් අතට

Mohamed Dilsad

ඉන්දියාව සිය 72 වන නිදහස් දිනය සමරයි

Mohamed Dilsad

විශ්වාසභංගයෙන් තෙරේසා මේට ජය

Mohamed Dilsad

Leave a Comment