දේශීය

කොටවෙහෙර සිද්ධියට අදාළ පොලිස් නිලධාරිනියන් 2 කගේ වැඩ තහනම්

(UTV | නිකවැරටිය) – පසුගිය දිනක නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ දී දැරියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර තිබේ.

පහර කෑමට ලක්වූ දැරියගේ සිද්ධියට අදාලව ලද පැමිණිලි භාර නොගැනීම හේතුවෙන් මෙම වැඩ තහනම සිදුකර ඇත.

මේ අනුව පැමිණිල්ල බාර නොගත් නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහිම ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

Related posts

ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ධූරයෙන් ඉවත් කරයි

Mohamed Dilsad

වසරේ පළමු දින දරු උපත් ලක්‍ෂ 4 කට ආසන්නයි

Mohamed Dilsad

2019 Z-Score ළකුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

Leave a Comment