දේශීය

ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ධූරයෙන් ඉවත් කරයි

(UTV |නුවරඑළිය) – තලවකැලේ, ලිඳුල නගර සභාවේ සභාපතිවරයා සිය ධූරයෙන් පහකිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත්වී තිබු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් පසු ආණ්ඩුකාරවරයා විසින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

තලවකැලේ, ලිඳුල සභාපති අශෝක සේපාල මහතාට එරෙහිව එම සභාවේම මන්ත්‍රීවරයෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර , එම පැමිණිල්ලට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් එක් පුද්ගල කොමිසම් සභාවක් පත්කළ අතර එම වාර්තාවට අනුව සභාපතිවරයා නගර සභා ආඥා පනතට පටහැනිව කටයුතු කර ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව පසුගිය 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තලවකැලේ, ලිඳුල නගර සභාවේ සභාපතිවරයා සිය ධුරයෙන් පහකර ඇති බව වාර්තා වේ.

Related posts

ජලාශ කිහිපයක වාං දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරන්නේ ඇයි?

Mohamed Dilsad

විශ්වවිද්‍යාල විවෘත කිරීමට ගත් තීරණයට විරෝධය[LETTER]

Mohamed Dilsad

Leave a Comment