දේශීය

වරාය සේවකයින් හා අග්‍රමාත්‍යවරයා අතර අද විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වරාය සේවකයින් හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (01) පැවැත්වීමට නියමිතව ඇත.

විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වෙන බව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තීය සමිති අපේක්ෂාවෙන් සිටින සුබවාදී පිළිතුරක් මෙම සාකච්ඡාවේදී ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා කියා සිටියේය.

 

Related posts

මෙරට 14 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

කුරුණෑගල මහ රෝහලේ හිටපු වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් යළි සේවයට

Mohamed Dilsad

නව ආසාදිතයින් 377ක්

Mohamed Dilsad

Leave a Comment