දේශීය

ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනපති අතට

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද කරුණු සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අද දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් මස 21 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව පත් කරනු ලැබුවේය.

එහි සභාපති විනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා කටයුතු කළ අතර අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් මංගලිකා අධිකාරි යන මහත්ම මහත්මීන් කොමිෂන් සභාවේ විනිසුරු මඩුල්ලෙ සෙසු සාමාජිකයන් වේ.

කොමිසමෙ සාක්ෂි විභාගය ආරම්භ කෙරුණේ 2019 වසරේ ඔක්තෝබර් 31 වැනිදායි. එදින සිට දින 214 ක් රැස් වූ කොමිෂන් සභාව සාක්ෂිකරුවන් 457 දෙනකුගෙන් අවස්ථා 640කදී සාක්ෂි විමසා තිබේ.

 

Related posts

ජනාධිපතිවරණයේ සියලු වියදම් සඳහා රුපියල් බිලියන 10ක ඇස්තමේන්තුවක්

Editor O

ගාල්ලේ පාසල් වැසේ

Mohamed Dilsad

පූජිත් ජයසුන්දරට ඇප

Mohamed Dilsad

Leave a Comment