දේශීය

2019 Z-Score ළකුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් ප්‍රතික්ෂේප වෙයි

(UTV | කොළඹ) – විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද කඩඉම් ළකුණු අනුව ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ බුවනෙක අළුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි.

පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ සිසුන් හතළිස් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබීය.

 

 

Related posts

රනිල් වික්‍රමසිංහ මහත්මයා මහ බැංකු හොරකම කළ බවට මම කිසිම වෙලාවක කියලා නැහැ – ඇමති බන්දුල ගුණවර්ධන

Editor O

පාස්කු ප්‍රහාරය පිළිබඳ එස්.අයි. ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක් දෙයි – ප්‍රසිද්ධ නොකළොත් ප්‍රසිද්ධ කරන කරනවා – උදය ගම්මන්පිල

Editor O

අගමැතිනි සුපර්මාකට් ගිහින් බඩු ගත්තට. කුලීවැඩ කරන මිනිස්සු සතොස පෝලිමේ හිටියොත් දවසේ වැටුප නැහැ. – චාමර සම්පත්ගෙන් ආධුනිකයන්ට ප්‍රයෝගික පාඩමක්

Editor O

Leave a Comment