Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් වික්‍රමසිංහ මහත්මයා මහ බැංකු හොරකම කළ බවට මම කිසිම වෙලාවක කියලා නැහැ – ඇමති බන්දුල ගුණවර්ධන

(UTV | කොළඹ) –

රනිල් වික්‍රමසිංහ මහත්මයා මහ බැංකු හොරකම කළ බවට මම කිසිම වෙලාවක කියලා නැහැ . එතුමා  පත් කරපු අය නිසා තමයි ඒක වුණේ. මම පත් කරපු කෙනෙක් වැරැද්දක් කළාට ඒකට මම පලි නෑනේ . ඒ වගේ දෙයක් තමා එතැන වෙලා තියෙන්නේ යැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ දී පැවසීය.

රටක් ගොඩ ගන්න වැඩපිළිවෙලක්  හදලා. ඒක නීතියක් ලෙස කරල තියෙන එකම ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා පමණයි. ඕනෑම පක්ෂයක සාමාජිකයන් හා මධ්‍යම කාරක සභිකයන් ඒ පක්ෂවල වහල්ලු නෙමෙයි. අපි තීන්දු තීරණ ගන්න කොට පක්ෂ පුද්ගලයන් පිළිබඳ නෙමෙයි රට පිළිබඳවයි හිතන්න ඕන. අපි රනිල් වික්‍රමසිංහ මහත්මයට නෙමෙයි සහය දෙන්නේ ජාතික වැඩසටහනටයි.

Related posts

சீமெந்தின் விலை 100 ரூபாவால் அதிகரிப்பு

Mohamed Dilsad

Indian Navy conducts joint hydrographic survey of Sri Lanka’s coast

Mohamed Dilsad

Mobitel powered Havies crowned Clifford Cup champs

Mohamed Dilsad

Leave a Comment