Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් දිනවන්න ගම්පහ ආසනයේ පක්ෂ තුනක් ඒකාබද්ධ වැඩසටහනක

(UTV | කොළඹ) –

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීම සඳහා ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසා තිබෙනවා.

ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම ඒකාබද්ධ වැඩපිළිවෙල සකස් කර ඇති බව සඳහන්. ගෙන්ගෙට යාම්, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, කුඩා ජන හමු මෙන්ම, ඩිජිටල් තාක්ෂණය උපයෝග කර ගනිමින් සිදු කරන මැතිවරණ මෙහෙයුම් කටයුතු ඒකාබද්ධව සිදු කිරීමට මෙහිදී සියලු පක්ෂ වලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක්ද පත් කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

Related posts

ගෘහාශ්‍රිතව ජීවත්වන සතුන්ගේ ජෛව සාම්පල පරීක්ෂාවට

Mohamed Dilsad

ගුවන්තොටුපොළ විද්යුත් වීසා ක්‍රමවේදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ට මූලික අයිතිවාසිකම් පෙත්සම්

Editor O

ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගන්න එපා – මැතිවරණ කොමසාරිස් ජනරාල්.

Editor O

Leave a Comment