Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගන්න එපා – මැතිවරණ කොමසාරිස් ජනරාල්.

(UTV | කොළඹ) –

ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන බවත්, ඉදිරියේදී ජාතික ගීය පවා පක්ෂයේ ගීතය බවට පත්වනු ඇති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මෙවර ජනාධිපතිවරණය නිමිත්තෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිම සඳහා ෆැපරල් සංවිධානය විසින් පැවැත්වූ වැඩසටහනකට සහභාගි වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එම අදහස් පළ කළේය.

මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ ද කීවේය.  ”ජාතික කොඩියේ අභිමානය අද බල්ලට ගිහින් තිබෙනවා . ඒක නිසා ජාතික කොඩිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගන්න එපා. දැන් ක්‍රිකට් තරගාවලදී ජාතික ධජය ඇගවටා ඔතා ගෙන එක අතකින් මත්පැන් බෝතලයක් අල්ලාගෙන නටනවා”යැයි කීවේය.

Related posts

ரோகண விஜயவீரவை தேடி தருமாறு மேன்முறையீட்டு நீதிமன்றத்தில் மனு

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන් සහ පරිපාලන නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරඟයේ දී ක්‍රීඩාංගණයට පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment