Trending Newsඑසැන පුවත්දේශීය

ඇමරිකාවේ සහකාර රාජ්‍ය ලේකම්වරියක් ශ්‍රී ලංකාවේ සංචාරයක

(UTV | කොළඹ) –

සාගර සහ අන්තර්ජාතික පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජෝන් මහත්මිය අද (19) දිවයිනට පැමිණීමට නියමිතය. ඇය ඉන්දියාවේ සහ මාලදිවයිනේ සංචාරය කිරීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සංචාරයේදී ඇය සොබාදහම සහ සමුද්‍ර සංරක්ෂණය, ප්ලාස්ටික් සහ වායු දූෂණය, දේශගුණික අර්බුදය, වන විනාශය, ස්වාභාවික අපරාධ, සිවිල් සහ වාණිජ අභ්‍යවකාශ ක්‍රියාකාරකම්, විද්‍යා, තාක්ෂණික, ඉංජිනේරු සහ ගණිත අංශය වෙනුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමුන් ප්‍රවර්ධනය කිරීම සහ තිරසර ආර්ථිකය යන ,මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. එසේම අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය අද සිට එළැඹෙන 21වැනිදා දක්වා මෙරට රාජ්‍ය නිලධාරීන් සහ හවුල්කරුවන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම එක්සත් ජනපදයේ සහාය ලබන වනජීවී ආරක්ෂණ ව්‍යාපෘති නැරඹීම, හයිඩ්‍රොග්‍රැෆි සහ දේශගුණික විපර්යාස වැනි ප්‍රමුඛතා ක්ෂේත්‍රවල එක්සත් ජනපද විශේෂඥයන් සමග ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කිරීමේ අවස්ථා ගවේෂණය කිරීමටත් ඇය එක්වනු ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

පළාත් සභා ඡන්දය තියන්න රටේ නීතියක් නැහැ – මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක

Editor O

Two teenagers killed after being hit by a train

Mohamed Dilsad

Over 2000 drunk drivers arrested in less than a week

Mohamed Dilsad

Leave a Comment