Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් සභා ඡන්දය තියන්න රටේ නීතියක් නැහැ – මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක

පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා රටේ නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය කරයි.

තිබූ නීතිය අහෝසි කිරීමෙන් පසුව, ඒ වෙනුවට සකස් කරමින් තිබූ නව නීති මාලාව 2018 වසරේ සිට අතරමග නතර වී ඇති බව කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේය.

ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම ඇත්තේ ව්‍යවස්ථාදායකයට වන බැවින්, ව්‍යවස්ථාදායකය වහාම ඒ පිළිබඳව තීන්දුවක් ගත යුතුව තිබෙන බව ද හෙතෙම පැවසීය.

කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ, ව්‍යවස්ථාදායකයේ සිටින ජනතා නියෝජිතයන් ඡන්දය ගැනම කතා කරනවා විනා, ඊට අදාළ වන නීතිය කඩිනමින් ස්ථාපිත කර ගැනීමට අවංකවම උනන්දු විය යුතු බවයි.

2018 වසරේදී ඉදිරිපත් කරන ලද 50:50 මිශ්‍ර සමානුපාත ක්‍රමය තුළ සීමා නිර්ණය ද අනිවාර්ය අංගයක් විය. එහි කටයුතු අවසන් වී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු, විෂය භාර අමාත්‍යවරයා ඇතුළු මුළු පාර්ලිමේන්තුවම ඊට එරෙහි විය.

ඉන් අනතුරුව එය නිරවුල් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගේ කමිටුවක් පත් කරන ලද අතර, ඉන් අනතුරුව හිටපු කතානායක කරු ජයසූරිය ඇතුළත් තවත් කමිටුවක් පත් කරනු ලැබීය. කෙසේ වෙතත්, පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එහි කටයුතු අඩාල විය.

මේ අනුව, මෙම නව නීතිය ස්ථාපිත කිරීම තවදුරටත් පමාවීම පළාත් සභා ඡන්දය පැවැත්වීම කෙරෙහි සෘජුවම බලපා ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පෙන්වා දෙයි.

Related posts

සනත් ජයසූරියගේ තනතුරට වසරක සේවා දිගුවක්

Editor O

Navy nabs 3 persons engaged in illegal fishing

Mohamed Dilsad

பிரதேச மட்ட அதிகாரிகள் சிலர் மதுபோதையில் செயற்படுவதாக இராதாகிருஸ்ணன் குற்றச்சாட்டு

Mohamed Dilsad

Leave a Comment