ව්‍යාපාරික

වී මිල 52 වුනොත් සහල් මිල වැඩි වීමේ අවධානමක්

(UTV | කොළඹ) – මහ කන්නයේ සිට ගොවීන්ගෙන් වී මිලදී ගන්නා මිල ගණන් අනුව දැනට රජයේ පාලන මිලට සහල් ලබා දීමට නොහැකිවනු ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පවසයි.

‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ලෙස ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව නාඩු වී කිලෝග්‍රෑමය රුපියල් 52 කටත්, සම්බා කිලෝව රුපියල් 57 කටත්, කීරි සම්බා කිලෝව රුපියල් 63 කටත් මිලදී ගන්නා බවට සඳහන් කර තිබේ.

නමුත් රජය හා මෝල් හිමියන් අතර වී සහල් කිරීමේ සූත්‍රය අනුව 2:1 අනුපාතය අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 109 කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 119 කටත් කීරිසම්බා සහල්  කිලෝවක් රුපියල් 132 කටත් අලෙවි කිරීමට සිදු වේ.

කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුව සමයේ නාඩු වී කිලෝවක් රුපියල් 38 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 41 කටත් මිලදී ගත් අතර මේ වන විට එම වී වලින් නිෂ්පාදනය කරනු ලබන නාඩු සහල් කිලෝවක් රුපියල් 98 කටත්, සම්බා සහල් 99 කටත් අලෙවි කළ යුතු බවට අති විශේෂ ගැසට් පත්‍රයක් පළකර ඇත.

Related posts

න්‍යෂ්ටික ආපදාවලට මුහුණදීමේ සූදානම වර්ධනය කිරීමට සමුළුවක්

Mohamed Dilsad

බාල කුළු බඩු නිෂ්පාදන පිලිබඳ අවධානයට

Mohamed Dilsad

පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment