ප්‍රමුඛ පුවත 1

දිවයිනේ සියළුම සුරාසැල් නත්තල් දින වැසේ

(UTV | කොළඹ) – දෙසැම්බර් 25 නත්තල් දිනය දා දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සියලු සුරාසැල් දෙසැම්බර් 24 වනදා ඒවා වසා දමන වේලාවේ සිට දෙසැම්බර් 26 වනදා ඒවා විවෘත කළ යුතු වේලාව දක්වා වසා තැබිය යුතු බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාල කාලසීමාව තුළ මෙම නීතිය කඩ කරන සුරාසැල් හිමියන් සම්බන්ධයෙන් දැඩිව නීති ක්‍රියාත්මක කරන ලෙස දෙපාර්තමේන්තුව සුරාබදු නිළධාරීන්ට දැනුම් දෙයි.

නීති විරෝධී මත්පැන් හා නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය , ප්‍රවාහණය , සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම වැළැක්වීම සදහාද එමෙන්ම සමස්ථ දිවයිනම ආවරණය වන පරිද්දෙන් දැඩිව නීති ක්‍රියාත්මක කෙරෙනු ඇත.

සුරාබදු නිළධාරීන්ගේ 1000 මෙම කාර්ය සාර්ථක කර ගැනිම සදහා අනුයුක්ත කර තිබේ.

1913 ක්ෂණික ඇමතුම් අංකය අදාල පැමිණිලි භාර ගැනීම සඳහා පැය 24 පුරාම විවෘත අතර එමඟින් ලැබෙන පැමිණිලි විමර්ශණය කිරීම හා ග්‍රහණය සදහා සුරාබදු දෙපාර්තමේන්තුවේ සියලු විශේෂ මෙහෙයුම් ඒකක හා සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරින් කටයුතු කරන බව සුරාබදු දෙපාරතමේන්තුව සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස් ගතවීමට අවසර

Mohamed Dilsad

තැපැල් සේවකයින් අද විරෝධතාවයක

Mohamed Dilsad

වර්ජනය නිසා ලංගමයෙන් අතිරේක බස්

Mohamed Dilsad

Leave a Comment