ප්‍රමුඛ පුවත 1

තැපැල් සේවකයින් අද විරෝධතාවයක

(UTV| කොළඹ) – වර්ජනයේ යෙදී සිටින තැපැල් සේවකයින් අද (18) විරෝධතාවයක වීමට නියමිතය.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පැවසුවේ ඔවුන් අද පෙරවරුවේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අසළට රැස්වී කොටුව දුම්රියපල දක්වා පා ගමනින් ගොස් විරෝධතාවක යෙදෙන බවයි.

ඉන් අනතුරුව සිය ගැටළුවලට විසඳුම් ඉල්ලා විරෝධතාවක ජනාධිපති මන්දිරය දක්වා ගොස් සන්දේශයක් භාරදෙන බවයි එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේය.

මෙතෙක් තම ගැටළුවලට විසඳුම් නොලැබීම නිසා වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට දින 08 ක් තිස්සේ ලිපි හෝ පාර්සල් බෙදාහැරීම සිදුකර නොමැති අතර, මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු දිවයින පුරා තැපැල් කාර්යාලවල ලක්ෂ 5 කට අධික ලිපි සහ පාර්සල් ගොඩගැසී ඇති බවයි වාර්තා වේ.

විදෙස් ගුවන් තැපැල් සේවය මගින් කටුනායක ගුදමේ ලිපි හා පාර්සල් සහිත මළු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති අතර, මේ නිසා ප්‍රමාද ගාස්තු වශයෙන් දිනපතා රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා.

තැපැල් සේවක වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දෛනිකව රුපියල් කෝටි 15 කට අධික මුදලක් දෙපාර්තමේන්තුවට අහිමි වන බව තැපැල්පති  රෝහණ අබේරත්න ප්‍රකාශ කළේය.

එමෙන්ම ඊයේ (17) දිනය වන විට රුපියල් කෝටි 50කට අධික ආදායමක් තැපැල් දෙපාර්තමේන්තුවට අහිමි වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් තැපැල් සේවකයින් පිරිසක් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් එම දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 125ක ලාභයක් හිමිව ඇති බවට වාර්තාවේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්න නිර්දේශයක්

Mohamed Dilsad

2017 වසරේ පාරිභෝගික අධිකාරියේ වැටලීම්වල17% ක වර්ධනයක්- අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

මෙරට සමස්ත ආසාදිත පිරිස 1700 ඉක්මවයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment