ප්‍රමුඛ පුවත 1

විපක්ෂ නායකවරයෙක් නොමැතිව ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි

 

(UTV | කොළඹ) –  ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමක් අද (12) කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව ඇත්තේ පෙරවරු 11 ට පමණයි.

අභියාචණාධිකරණ විනිසුරුවරුන් පත් කිරිම සම්බන්ධයෙන් අද දිනයේදී ව්‍යවස්ථාදායක සභාවේ වැඩි අවධානයක් යොමු වනු ඇති බව කතානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ව්‍යවස්ථාදායක සභාව සඳහා කථානායකවරයා , අග්‍රාමාත්‍යවරයා , විපක්ෂ නායකවරයා ඇතුලු දස දෙනෙකු ව්‍යවස්ථාදායක සභාවට ඇතුළත් වෙයි.

විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම කථානායකවරයා විසින් මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැති බැවින් ඔහුට අද පැවැත්වෙන රැස්වීමට සහභාගීවීමට අවස්ථාවක් නොමැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නේපාල ජනාධිපතිනිය දිවයිනට

Mohamed Dilsad

රණවිරු ගම්මානයෙන් අය කල මුදල යලිත් ලබාදෙන බව සජිත් කියයි [VIDEO]

Mohamed Dilsad

පළාත් පාලන සීමා නිර්ණය මේ මස 31ට පෙර ගැසට් මඟින්

Mohamed Dilsad

Leave a Comment