ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන සීමා නිර්ණය මේ මස 31ට පෙර ගැසට් මඟින්

(උදයම්,කොළඹ ) – පළාත් පාලන සීමා නිර්ණය මේ මස 31ට පෙර ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

 

පළාත් පාලන සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාව එම කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත ඊයේ (17) එම අමාත්‍යාංශයේ දී භාරදෙනු ලැබිණි.

 

ඒ අනුව අදාළ වාර්තාව අමාත්‍යංශ ලේකම්වරයා වෙත භාරදීමෙන් අනතුරුව මුද්‍රණ දෝෂ බලා මේ මස 31ට පෙර ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

 

මේ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

 

Related posts

උඩුදුම්බර කාශ්‍යප හිමියන් නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ උපවාසයක් අරඹයි

Mohamed Dilsad

බන්ධනගාර රැඳවියෙකු ජනාධිපතිගෙන් කළ ඉල්ලීම ඉටු වෙයි

Mohamed Dilsad

බියගමට වතුර කැපේ

Mohamed Dilsad

Leave a Comment