ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන සීමා නිර්ණය මේ මස 31ට පෙර ගැසට් මඟින්

(උදයම්,කොළඹ ) – පළාත් පාලන සීමා නිර්ණය මේ මස 31ට පෙර ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

 

පළාත් පාලන සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාව එම කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත ඊයේ (17) එම අමාත්‍යාංශයේ දී භාරදෙනු ලැබිණි.

 

ඒ අනුව අදාළ වාර්තාව අමාත්‍යංශ ලේකම්වරයා වෙත භාරදීමෙන් අනතුරුව මුද්‍රණ දෝෂ බලා මේ මස 31ට පෙර ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

 

මේ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

 

Related posts

ඉවත් වූ සියලුම මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යළි අමාත්‍යධූර ලබාගැනීමට සුදානම්

Mohamed Dilsad

නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වෙයි [GAZETTE]

Mohamed Dilsad

ඉන්ධන මිල වෙනස් වෙයිද?

Mohamed Dilsad

Leave a Comment