ප්‍රමුඛ පුවත 1

මා දැල් කර්මාන්තයේ නියැලෙන්නන්ට පහසුකම් දෙන්නයි උපදෙස්

(උදයම්,කොළඹ) – මා දැල් කර්මාන්තයේ නිරත ධීවරයින්ට අවශ්‍ය පහසුකම් සලසාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන් වෙත උපදෙස් දෙයි.

මා දැල් ධීවර කාර්මිකයන්ගේ සමූපාකාර සමිතියේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ධීවර අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන්ට එම උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

පැවති සාකච්ඡාවේදී මා දැල් ධීවර කර්මාන්තයේ නිරත ධීවරයන් මුහුණදී සිටින ගැටළු සම්බන්ධයෙන් අදාළ ධීවරයන් විසින් අමාත්‍යවරයා දැනුම්වත් කර තිබේ.

සංක්‍රමණික මා දැල් ධීවර කර්මාන්තයේ නිරත පවුල්වලට ධීවර කටයුතු සඳහා අවශ්‍ය වාඩි සකස් කර ගැනිමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බව එහිදී අනාවරණය වී ඇත.

ඔවුන්ට අවශ්‍ය ස්ථීර වාඩි සකස් කර ගැනීමට අවසර ලබා දෙන ලෙස මා දැල් කර්මාන්තයේ නිරත ධීවරයන් අමාත්‍යවරයාගෙන් අවසර ඉල්ලා තිබේ.

මා දැල් ධීවර කර්මාන්තය සඳහා ධීවර දෙපාර්තමේන්තුව මගින් මා දැල් 1100කට මේ වන විට අවසර ලබාදී ඇති අතර එක් මා දැලකින් පවුල් 40ක පමණ ප්‍රමාණයක් ජීවන වෘත්තියේ යෙදෙන බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

එළවළු මිල ගණන් දැන් ජංගම දුරකතනයට

Mohamed Dilsad

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

අනුර සේනානායක ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment