ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල වෙනස් වෙයිද?

(UTV| කොළඹ) – ඉන්ධන මිල සුත්‍රයට අනුව සිදුවන මිල සංශෝධනය ඊයේ(11) දිනයේ සිදුනොකළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ මස 10 වන දින සති අන්ත නිවාඩු දිනයක් වූ බැවින් ඊයේ(11) දිනයේදී මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබුණ ද එම මිල සංශෝධනය සිදු නොවුණු බව එම අමත්‍යාංශය කියයි.

ඒ අනුව ඉදිරියේදී මිල සංශෝධනය සිදුකරන දිනය පිළිබඳව නිශ්චිතව කිව නොහැකි බව  මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ලෝක වෙළෙඳපළේ බොරතෙල් මිල ගණන් වල වෙනස්වීම මත ඉන්ධන මිල සුත්‍රය මඟින් මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම සිදුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධික උණුසුම අදත්

Mohamed Dilsad

මෝටර් රථ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

Mohamed Dilsad

Leave a Comment