ප්‍රමුඛ පුවත 1

නව කැබිනට් අමාත්‍යවරුන් සිය ධුරයන්හි රාජකාරි අරඹයි [VIDEO]

(UTV | කොළඹ) – නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද (23) සිය ධූරයේ වැඩ බාරගැනීම සිදුකළා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මහතා අද දහවල් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී නිල වශයෙන් තම නව අමාත්‍ය ධුරයෙහි රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වුණා.

එසේම අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද අද දහවල් අධිකරණ අමාත්‍යංශයේදී සිය ධූරයේ වැඩ බාරගනු ලැබුවා.

එස්. එම්. චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්දා, ආරුමුගන් තොන්ඩමන් සහ ජෝන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ද අද මෙලෙස සිය අමාත්‍යංශවල වැඩ බාරගෙන තිබෙනවා.

Related posts

උමා ඔය ව්‍යාපෘතියේ ව්‍යාපෘති කීපයක් ජනතා අයිතියට පවරයි

Mohamed Dilsad

කන්ටේනර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර

Mohamed Dilsad

ජනපතිවරණයට අදාළ පැමිණිලි 375 ක්

Mohamed Dilsad

Leave a Comment