ප්‍රමුඛ පුවත 1

කන්ටේනර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර

(උදයම්,ගාල්ල)  –  දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරට පත්ව නවතා දමා තිබු කන්ටේනර් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරයි.

ඊයේ පස්වරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බද්දේගම සහ පින්නව අතර 90 වන කිලෝමීටර් කණුව අසළකන්ටේනර් රථයක් අනතුරට පත් විය.

මේ හේතුවෙන් මාතර දෙසට ධාවනය වන මං තීරු දෙකෙන් එක් මං තීරුවක් තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව අධිවේගී මාර්ග නඩත්තු කටයුතු හා සැලසුම් අධ්‍යක්ෂ එස්.  ඕපනායක මහතා පැවසීය.

මේ නිසා මාතර දෙසට ධාවනය කිරීමේදී 90 වන කිලෝමීටර් කණුව අසළින් වේගය පාලනය කර ධාවනය කරන ලෙස  අධිවේගී මාර්ග නඩත්තු කටයුතු හා සැලසුම් අධ්‍යක්ෂවරයා රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේය.

Related posts

නායයෑම් ගැන සැලකිලිමත් වන්නැයි උපදෙස්

Mohamed Dilsad

අගමැතිගෙන් නියෝගයෙන් සේනා මර්දනයට මුදල් වෙන්කරයි.

Mohamed Dilsad

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment