ප්‍රමුඛ පුවත 1

ගුරු හිඟය ඉදිරි වසර 02ක ඇතුළත අවසන් කරන බව අධ්‍යාපන ඇමති කියයි

(උදයම්,කුරුණෑගල)  – මෙරට පාසල්වල පවතින ගුරු හිඟය ඉදිරි වසර 02ක ඇතුළත අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් දේශපාලකයින් විසින් ගනු ලැබූ අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විට 60,000ක පමණ ගුරු හිඟයක් පවතින බවය.
කුරුණෑගල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් පළ කළේය.
මේ අතර පවතින ගුරු හිඟය හේතුවෙන් ත්‍රීකුණාමලය අභයපුර ප්‍රාථමික විද්‍යාලයේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර පාසල වෙත ගුරුවරුන් ලබාදීමට බලධාරීන් පියවර නොගැනීම හේතුවෙන් දෙමාපියන් දරුවන් පාසල් යැවීම වර්ජනය කර ඇති බවද වාර්තාවේ.

Related posts

නව කැබිනට් ලේකම්වරයා රාජකාරි අරඹයි

Mohamed Dilsad

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශකවරයෙකු දිවයිනට

Mohamed Dilsad

ලෝක මැලේරියා දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment