ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය සාෆිට එරෙහි නඩුව දහවල් 1 දක්වා කල් යයි

(UTV|කුරුණෑගල) – කුරුනෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆිට එරෙහි නඩුව දහවල් 1 දක්වා කල් දමා තිබේ.

වෛද්‍ය මොහොමඩ් ෂාෆි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද පෙරවරුවේ ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව අද(11) පස්වරු 01.00ට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභායට ගැනෙන බව අධිකරණය දැනුම් දී තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැති වෛද්‍යවරයා  මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මතයි.

වෛද්‍යවරයා සිදුකර ඇති සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වද භාවයට පත්කර ඇති බවට ප්‍රචාරයක් ගෙන ගිය අතර එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 1000කට අධික සංඛ්‍යාවක් මව්වරුන් විසින් ඉදිරිපත් කර ඇති අතර එම පැමිණිලි විමර්ශනයට සුදුසු වෛද්‍ය පරීක්ෂණය කුමක්දැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව ද අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙරොයින් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අද්මිරාල් කරම්බීර් සිං අගමැති හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි

Mohamed Dilsad

Leave a Comment