විදෙස්

“ඉදිරියේදී රුසියාවට එරෙහිව සම්බාධක” ඇමරිකානු නව රාජ්‍ය ලේකම්වරයාගෙන් අනාවැකි

(උදයම්,ඇමෙරිකා ) – ඉදිරියේදී රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව ඇමරිකානු නව රාජ්‍ය ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත රෙක්ස් ටිලර්සන් පවසයි.

ඔහු සඳහන් කර ඇත්තේ රුසියාව කිසිසේත්ම ඇමරිකාවේ සමීපතම මිතුරෙකු ලෙස නොසලකන බවයි.

රුසියාව ජාත්‍යන්තරයට තර්ජනයක් බව ද නව රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි.

ඔබාමාගේ පාලන සමයට වඩා ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ට්‍රම්ප්ගේ පාලනය පියවර ගනු ඇති බව ද නව රාජ්‍ය ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත රෙක්ස් ටිලර්සන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Related posts

දකුණු ආසියාවේ පොදු සන්නිවේදනය සදහා යොදා ගත හැකි චන්ද්‍රිකාවක් උඩුගුවනට

Mohamed Dilsad

මලාලාට සාම නියෝජිත තනතුරක්

Mohamed Dilsad

දශක 3 කට පසු ඕස්ට්‍රේලියාවේ දරුණු ආර්ථික අවපාතයක්

Mohamed Dilsad

Leave a Comment