විදෙස්

මලාලාට සාම නියෝජිත තනතුරක්

(උදයම්,බ්‍රිතාන්‍ය)   –   නොබෙල් සාම ත්‍යාගලාභී පාකිස්තාන ජාතික මලාලා යුසෆායි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම නියෝජිතවරියක් ලෙස පත් කරයි.

පාකිස්තානයේ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් හඬ නැගීම නිසා මලාලා 2012 වසරේදී තලෙයිබාන් සංවිධානයේ වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූවාය.

ඉන් දිවි බේරාගත් ඇයට පසුව රැකවරණ ලබාදීමට බ්‍රිතාන්‍යය ඉදිරිපත් වුණි.

මේ වන විට 19 වන වියේ පසු වන මලාලා එක්සත් රජධානියේ උසස් පෙළ හදාරමින් සිටී.

ඊයේ නිව්යෝක් නුවර පැවැති උත්සවයකදි ඇයට ජගත් සංවිධාන නියෝජිත තනතුර පිරි නමා තිබේ.

මෙහිදී ඇයට විශේෂයෙන් පැවරී ඇත්තේ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමය.

Related posts

ඇමසන් වනාන්තරයේ පැතිරෙන ගින්න පාලනයට අවශ්‍ය සම්පත් නැත – බ්‍රසීල ජනාධිපති

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව, නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

Editor O

චිලි රාජ්‍යයට ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment