විදෙස්

දකුණු ආසියාවේ පොදු සන්නිවේදනය සදහා යොදා ගත හැකි චන්ද්‍රිකාවක් උඩුගුවනට

(උදයම්,ඉන්දියාව)  –  පොදු සන්නිවේදනය සදහා යොදා ගත හැකි චන්ද්‍රිකාවක් ඉන්දියාව අද උඩුගුවනට යවනු ලබයි.
මෙම චන්ද්‍රිකාවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සාර්ක් සංවිධානයේ සාමාජීක රටවල් සියල්ලටම සන්නිවේදන කටයුතු සිදු කර ගත හැක.
දකුණු ආසියානු සන්නිවේදන චන්ද්‍රිකාව ලෙස හදුන්වා ඇති එය ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ රොකට් අංගනයෙන් අද පස්වරු 4 යි 57 ට නික්මීමට නියමිත බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි.

ඉන්දීය රුපියල් කෝටි 450 ක් මේ සඳහා වැය වේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ‘සබ්කා සාත්සබ්කා විකාස්’ හෙවත් සංවර්ධනය සියල්ලන්ටම යන තේමාව යටතේය.

Related posts

‘පෙලෝසි තායිවාන සංචාරය අවුල් වියවුල් වැපිරීමක්’

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මැයි 18 පැවැත්වේ

Mohamed Dilsad

තුන් හැවිරිදි අයියාගේ වෙඩි පහරින් නංගි මරුට

Mohamed Dilsad

Leave a Comment