ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට සිතාසි

(උදයම්,කොළඹ)  – ලබන මැයි 22 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට  අභියාචනාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබේ.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව මත මෙලෙස ඔහුට මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

මහාචාර්ය සරත් විජේසූරිය හා ගාමිණී වියන්ගොඩ යන දෙදෙනා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු  විජිත් මලල්ගොඩ හා එස්.තුරෙයි රාජා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සයිටම් ආයතනයට උපාධි පිරිනැමීම සඳහා බලයක් ඇති බව පසුගිය ජනවාරි 31 අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබාදුන් බවය.

එසේ තිබියදී පසුගිය 07 දා කොළඹ පැවති මහජන සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අදාළ නඩු තීන්දුව විවේචනය කරමින් කරුණු දක්වා ඇති බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා පෙන්වාදී තිබේ.

ඒ තුළින් පාදෙණිය වෛද්‍යවරයා අධිකරණයට බරපතළ අපහාසයක් කළ බවත්, එයින් අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු කිරීමට කටයුතු කර ඇති බවත් පෙත්සම්කරුවන් චෝදනා කර ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

Related posts

ජාත්‍යන්තර බැඳුම්කර හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ණයක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

Leave a Comment