ප්‍රමුඛ පුවත 1

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන අවසන් තීරණය අද

(UTV| කොළඹ) – පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලසීමාව සම්බන්ධයෙන් අද(05) දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

ඒ අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දීය.

සියලු පළාත් සභාවල මැතිවරණය එළඹෙන මැයි මස 31 වැනිදාට පෙර එකම දිනයකදී පැවැත්විය යුතු බවට යෝජනා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

එම යෝජනාව සම්බන්ධයෙන් විෂය බාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කඩොලාන ශාක කැපු පුද්ගලයින් අටදෙනකු නාවික හමුදා භාරයට

Mohamed Dilsad

පකිස්තානුවන 07 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

Mohamed Dilsad

අභිමානවත් 72 වන නිදහස් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment