ප්‍රමුඛ පුවත 1

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – 2019 වර්ෂයේ අයවැයට පදනම් වන විසර්ජන පනත් කෙටුම්පත  අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි.

රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 2312ක් වන අතර මෙවර වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහායි.

එය රුපියල් කෝටි 39,306කි. මෙම විසර්ජන පනත් කෙටුම්පතට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර ඒ අනුව අයවැය යෝජනා ලබන මාර්තු 5 වන දා ඉදිරිපත් කිරීමට නියමිතය.

අයවැය තුන්වන වර කියවීමේ විවාදය මාර්තු මස 13 වනදා ආරම්භ කෙරෙන අතර, අවසන් ඡන්ද විමසීම අප්‍රේල් මස 4 වනදා සිදුකිරීමට කටයුතු යොදා ඇත.

මේ අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව වූ ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව මේ සතියේ විවාදයට ගන්නා දිනය පිළිබඳව ද අද පක්ෂ නායකයින් රැස්වීම් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිහිසරු සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ගම්පහටත් පොලිස් ඇඳිරිනීතිය…

Mohamed Dilsad

සෆාරී ජීප් රථ පැදවීම සඳහා ජුලි මාසයේ සිට බලපත්‍රයක්…

Mohamed Dilsad

Leave a Comment